බද්දේගම නිවසක් පුපුරලා


බද්දෙගම, ගිනිමැල්ලගහ ලොක්කප්පන්වත්ත නිවසක බිම ඇතිවූ පිපිරීමක් හේතුවෙන් නිවැසියනට එහි ඇතුළු නොවන ලෙස ආපදා කළමනාකරණ නිලධාරින් දැනුම් දී ඇත.

බදාදා (6) රාත්‍රියේ නිවසේ බිම ඇතිරූ ටයිල් පිපිරීමකට ලක්ව ඇති බවත් බිත්තිවල ඉරිතැලීමක් හටගෙන ඇති බවත් නිවැසියන් පොලිසියට දැන්වීමෙන් පසු ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් පැමිණ පරීක්ෂා කර බලා මෙම දැනුම් දීම සිදුකර ඇත.

baddegama_201647 baddegama_2016472 baddegama_2016473