(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
එම වත්තෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 28 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කිරිමට පියවර ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
හුදකලා කර ඇති බගවන්තලාව වත්ත මැද කොටසේ පවුල් 114 කට අයත් සමාජිකයන් 374 දෙනෙකු සිටින අතර,එම වතු යායේ පහල කොටසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකුගේ ආශ්‍රිතයන් හුදකලා කර ඇති වතු නිවාස පේලිවල පදිංචි නිසා එම කොටසෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 28 දෙනා හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කිරිමත් සමග එම වතු යායට බගවන්තලාව පොලිසිය දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.