(රංජිත් රාජපක්ෂ)
හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව කිවු වත්තට ඉහළින් වු රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.
අද (08) දි දහවල් 12 ට පමණ කිවු වත්ත මායිමෙන් හටගත් ගින්න ශ්‍රි පාද රක්ෂිතයට අයත් කිවු රක්ෂිතය දක්වා පැතිර යමින් පවතින බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
පැතිර යමින් පවතින ගින්න බගවන්තලාව පොලිසියේ නිලධාරින් , වතු කම්කරුවන් සහ වන අඩවි කාර්යයාලයේ නිලධාරින් එක් ව පාලනය කිරිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.
කිසියම් පිරිසක් කිවු තේ වත්තේ ඉඩමකට තැබු ගින්න පවතින දැඩි වියළි කාලගුණය සහ සුලං තත්ත්වය හමුවේ ප්‍රධාන රක්ෂිතය දක්වා පැතිර යමින් පවතින බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරියෙක් පැවසීය.