බංගලි මහ බැංකු මුදල් කොල්ලයේ හැකරුවන් අල්ලයි


බංගලිදේශ මහ බැංකුව සතු ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මුදල් පරිගණක හැකරුන් විසින්  සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු ඇතුළු විසි දෙනෙකු හඳුනාගෙන ඇති බව බංගලිදේශ පොලීසිය තහවුරු කර ගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය අද (19) වාර්තා කරයි.

සොරකමට හවුල් ලාංකිකයින් හා පිලිපීන ජාතිකයින්ගේ තොරතුරු හෙළිදරව් කර නොමැති අතර එම සැකකරුවන් සයිබර් හැකර්වරුන් නොවන බවට ද  බංගලාදේශ විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන ඇත.

බංගලිදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුළු වී අමෙරිකා ඩොලර් බිලියනකට අධික මුදලක් වෙනත් ගිණුම්වලට යොමුකිරීමේ සිද්ධියක් පසුගිය පෙබරවාරි 05 වැනි දා වාර්තා විය. නිව්යෝර්ක් හි ෆෙඩරල් සංචිත ගිණුමෙන් මෙම මුදල් සොරාගෙන ඇති  අතර අදාළ මුදල් පිලිපීනයේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් කිහිපයකට යොමුකර ඇති බවට වාර්තා වෙයි.