පොලු වලින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි


ආරියදාස කොඩිතුවක්කු

මුල්කිරිගල පන්සල පාරේ 9 වන දින සවස 4.30 ට පමණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලු වලින් පහර දීම නිසා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර සිටි තිදරු පියෙකු අද (12) වන දින උදේ කරාපිටිය රෝහලේදී මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසිය. 

මියගොස් ඇත්තේ මුල්කිරිගල පන්සලපාරේ අංක 65 සී හි පදිංචිව සිටි කේ.ඒ. සුජිත් රෝහණ නමැති 45 හැවිරිදි තිදරු පියෙකි. 

මියගිය තම පියාට 9 වන දින සවස 4.30 ට පමන ෂශී හා තිස්සමහාරාමයේ පදිංචි අයෙක් විසින් පොලුවලින් පහරදී බරපතල තුවාල සිදුකල බවට මරණකරුගේ දියණියක වන කේ.ඒ. රශිනි නිකේෂලා වීරකැටිය පොලිසියට පැමිණිළි කර ඇත. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වීරතකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංගීත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරයි.