ශ්‍රී පාදයට යන පාරවල්වල ඇති නොදිරන කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහය මත රත්නපුර කොට්ඨාසයේ ගොඩකවෙල පොලිස් ස්ථානය මගින් අද සහ හෙට (24) සිදු කරයි.
සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෝ 150ක් පමණ ඊට සම්බන්ධ වෙති.
අද හැටන් නල්ලතන්නි මාර්ගයේ ශ්‍රීපාද මලුව දක්වාත් හෙට පලාබද්දල මාර්ගයේ රත්නපුර දක්වාත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.