පොලිසිය පහර දුන්නැයි දෙදරු පියා රෝහලේ


(රංජිත් රාජපක්ෂ)        

පැමිණිල්ලක් සඳහා  ගිනිගත්හේන පොලිසියට ගිය දෙදරු පියෙකුට ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පහරදුන්නේ යැයි  පවසමින්  පහරකෑමට ලක් වූ පුද්ගලයා  ප්‍රතිකාර සඳහා  නාවලපිටිය රෝහලට ඇතුළු වී තිබේ.              

මෙසේ තුවා ලබා ඇත්තේ ගින්ගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචි චින්තක ඩිලාන් නැමති දෙදරු පියෙකි.
 
අද (30) සිය සහෝදරියට එරෙහිව තිබු පැමිණල්ලක් විභාග කිරීමට ගිනිගත්හේන පොලිසිය මගින් පැමිණෙන ලෙස කළ  දැනුම්දීමක් මත සහෝදරියගේ තනියට තමන් ගිය බවත්, එහිදී  සහෝදරියට සහයෝගය දක්වා කතාකිරීමේදි තමන්ට රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකු පොලිස් ස්ථානය තුළදී  පහර දුන් බවත්, පහර කැමෙන් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන චින්තක ඩිලාන් මහතා පවසයි.
 
පොලිසිය විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන රථ වාහන අංශයේ නිලධාරියෙකුගෙන්  කළ  විමසුමකදී ඔහු කියා සිටියේ කිසිදු පොලිස් නිලධාරියෙකු අදාළ පුද්ගලයාට පහර නොදුන් බවයි.