ක.ග කරුණාරත්න
පොලොන්නරුව, තඹාල, ගල්වල හංදිය ප්‍රදේශයේ නීති විරෝධීි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මස් පිණිස මරන ලද එළදෙනුන් දෙදෙනෙකු ඇතුලු එළ ගවයින් තිදෙනෙකු සහ සැකකරුවන් සිව් දෙනකු අද(25) අලුයම අත් අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
මෙම සතුන් ඝාතනය කිරීම සදහා උපයෝගී කර ගත් බව කියන පිහි,පොරව,ලණු ආදී උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තඹාල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.