සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකු ස්ථාන මාරු කළ බව පොලිසිය කියයි.
පොලිස් පරීක්ෂක ජේ අයි එස් පී ද සිල්වා හපුතලේ ස්ථානාධිපති සිට කොළඹ දිසාවට ද, පොලිස් පරීක්ෂක ඩී ඒ සී විජේසිංහ නොර්වුඩ් ස්ථානාධිපති සිට හපුතලේ ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩී කේ අබේසිරි මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සිට නෝර්වුඩ් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එස් කේ සී එස් දයාවංශ මුල්ලේරියාව ස්ථානාධිපති සිට කලවාන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ පී අයි විතාරනගේ කුරුණෑගල කොට්ඨාසයේ සිට මුල්ලේරියාව ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ටී එච් වික්‍රමරත්න සූරියවැව ස්ථානාධිපති සිට වීරගුල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ඩී කේ ඩී බි තෙන්නකෝන් අනුරාධපුර කොට්ඨාසයේ සිට සූරියවැව ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ජී එම් එස් ගුණසේකර මඩු ස්ථානාධිපති සිට හලාවත කොට්ඨාසය වෙත ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් එස් පී බී මඩවල නිකවැරටිය කොට්ඨාසයේ සිට මඩු ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එහම් ජී කුමුදු කුමාර හැටන් කොට්ඨාසයේ සිට වීරවිල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ඩී නවරත්න කල්කුඩා ස්ථානාධිපති සිට කොළඹ දිසාව වෙත ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ සී එස් කේ කීරගල මහනුවර කොට්ඨාසයේ සිට කල්කුඩා ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ සී අයි අමරසේකර පන්නල ස්ථානාධිපති සිට නුවරඑළිය කොට්ඨාසය වෙත ද,පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ගුණතිලක ගොතටුව ස්ථානාධිපති සිට පන්නල ස්ථානාධිපති ලෙස ද මාර කරනු ලැබ සිටිති.