පොලිස් රජකාරීයට බාධා කළ ගුවන් සෙබළා අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)

නිතීවිරෝධි මත්පැන් අලෙවි කරන ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිලධාරින්ට සාපරාධි බලහත්කාරයපා රාජකාරියට බාධා කරන ලද එම පුද්ගලයාගේ පුතෙකු වන ගුවන් හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත්බව බද්දේගම පොලිසිය පවසයි.
 
උනන්විටිය පලාගස්කැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු කසිප්පු විකුණන බවට ලැබුන තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) රාත්‍රි එම පුද්ගලයාගේ නිවස වටලා ඇත.
 
අවස්ථාවේ කසිප්පු අලෙවි කරන ලද  නිවෙස් හිමියාගේ පුතෙකු වන ගුවන් හමුදා සෙබලා පොලිස් නිලධාරින්ට සාපරාධි බලහත්කාරය පා  රාජකාරියට බාධා කර ඇති අතර එම අවස්ථාවේ ගුවන් හමුදා සෙබලාගේ පියාද නිවසින් පලාගොස් තිබේ.
 
පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම,පොලිස් නිලධාරින්ට අඩම්තේට්ටම් කිරිම ,සාපරාධිබලහත්කාරය පෑම යන චෝදනා යටතේ ගුවන් හමුදා සෙබලා අත් අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු කොම්පඤ්ඤවිදිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරනු ලබන අතර නිවාඩුවට ගමේ පැමිණ සිටි අයෙකු බවද පොලිසිය පවසයි.
 
සැකකරු අද(26)  බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙතඉදිරිපත් කිරිමට නියමිතය.