පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලා ගිය අයෙක් රිමාන්ඩ්


( දිනේෂ් උපේන්ද්‍ර ) 

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගොස් සැඟව සිටයදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු මේ මස 24 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය නියම කළාය.

එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ හෙට්ටිපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහොමඞ් නැමැත්තෙකි.  

කුලියාපිටිය  කොට්ඨාස  දුෂණ මර්ධන ඒකකයට අනුයුක්තව රාජකාරියකට ගොස් එමින් සිටටිදී නිලධාරීන් දෙදෙනෙකු කුලියාපිටිය ඇපලදෙනිය ප‍්‍රදේශයේදී සැකකරු විසින් පැදවූ කැබ් රියේ ගැටී ඇදවැටී මීටර 35ක පමණ දුරන් මාර්ගයේ ඇදීගොස් තිබූ බව මූලික පොලිස් පරීක්‍ෂණවලින් හෙළිව තිබූ බව එහිදී පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

එහෙත් තම සේවාදායකයා එවන් අනතුරක් පිළිබදව කිසිදු දැනීමක් හෝ නොමැති බවත් වාහනයේද ගැටුන සලකුණක් නොමැති බවත් කී සැකකරුගේ නීතිඥ මහතා කෙසේ නමුත් වින්ධිත පාර්ශවයට වන්දි මුදලක් ලබාදීමට එකගත්වයක් ඇතැයි කීය.

බරපතල තුවාල සහිතව මේ වනවිටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන පොලිස් නිලධාරීහු අනතුර වූ ස්ථානයේදී වැටී සිට හප්පා පලාගිය වාහනය පෙන්වා ඇති අතර ඒ  අවස්ථාවේ සිවිල් පුරවැසියෙකු වාහනය ලුහුබැඳ  අංකය සටහන් කරතිබූ බවත් ඒ  අනුව ලියාපදිංචිය සහිත කුරුණෑගල ප‍්‍රදේශයේ සැකකරු සොයා විමර්ශනය කර දැඩි පරිශ‍්‍රමයක් දරා හෙට්ටිපොල ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වමින් සැකකරු වෙනුවෙන් ඇප ලබාදීමට විරෝධය පළ කළහ.