(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහරදුන් පුද්ගලයකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ කිරිගල පදික මාරුව අසළදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකුට නවත්වන ලෙස අණ කර ඇතැත් ඔහු එය නොතකා ධාවනය කර අනතුරුව නැවත පැමිණ නිලධාරියාට පහර දී ඇතැයි අනාවරණය වී තිබේ.
තුවාල ලැබු පොලිස් නිලධාරීයා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළු කර තිබේ.
බලන්ගොඩ පොලිසියට අනියුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයකු බලන්ගොඩ නගරය ආසනයේම පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. එම පුද්ගලයා අද (31) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.