(ජුඩ් සමන්ත)
පොල් වත්තක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරීවරයාට අද (1) නියෝග කළේය.
මරණයට පත්ව ඇත්තේ තොඩුවාව-ඉරණවිල,ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය ලෙනාඩ් ප්‍රියංකර තමෙල් (54) නම් අයෙකි.
මියගිය අය හලාවත - පල්ලම පොලිස් වසමේ තම්මන ප්‍රදේශයේ පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත. එම වත්ත ආසන්නයේ ඇති වෙනත් පොල් වත්තක මුරකරුවෙකුට පසුගිය 31 වැනිදා සවස මළ සිරුර හමුවී ඇත.