පොල් ගෙඩියක් හිස මත වැටී කතක් මරුට


(නිශාන්ත කුමාර)
 
පොල් ගෙඩියක් හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කන්දකැටිය මැදලපිටිය ගම්මානයේ කාන්තාවක අද (25) මිය ගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
 
 මියගොස් ඇත්තේ කන්දකැටිය මැදලපිටිය ගම්මානයේ පදිංචි ඩී. එම්. අනුලාවතී (61)   නැමැති කාන්තාවකි.
 
සිය නිවස පිටුපස තිබූ වතුර ටැංකියක් වෙත යමින් සිටියදී ඒ අසළ වූ පොල් ගසක ගෙඩියක් හිස මත කඩා වැටීමෙන් ඇය මෙම අනතුරට ලක්ව ඇත.
 
බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව කන්දකැටිය රෝහලටත් අනතුරුව මහියංගන රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය  රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
 
 කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.