පේරාදෙණිය පොල්වත්ත කන්ද ගිනිගැනීමෙන් කන්දේ ඉහළ ඇති නිවාසවලට ගින්න පැතිරීම වළක්වා ගැනීමට පේරාදෙණිය පොලිසිය කටයුතු කරමින් සිටී.
ජලය නොමැතිකමින් ඔවුන් ඉමහත් අපහසුතාවයට පත්වූ බවත් ගම්පොළ නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහනවල තිබු ජල බොතල් ද ඉල්ලා ගින්න නිවා දැමීමට යුහුසුළු වන බවත් පොලිසිය පවසයි.
මහනුවර ගිනි නිවීම් ඒකකය එහි ළඟාවන විට කන්ද සම්පුර්ණයෙන්ම ඇවිලී තිබූ අතර තවදුරටත් ගින්න පැතිරීයාම වළක්වා ගැනීමට ඔවුහු කටයුතු යෙදූහ.