අංජුල මහීක වීරරත්න
එක්සත් ජාතික පෙරමුණු රජයන් යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු 4 වැනි නෞකාව ද මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදී තිබේ.
වර්ෂ 2002 දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබු රජය යටතේ ඇමෙරිකානු කරේජස් නෞකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුව එය සයුර නෞකාව ලෙස නම් කරන ලදි.
යහපාලන ජාතික රජය යටතේ ජපන් රජයෙන් වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ද ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරිමට පියවර ගනු ලැබිණි.
ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය ද තවත් වෙරළාරක්ෂක නෞකාවක් පසුගිය 29 දා ශ්‍රී ලංකාවට පිරිනමන ලදි.
මේ අනුව එක්සත් ජාතික පෙරමුණු රජයන් යටතේ නවීන පහසුකම් සහමිත නෞකා හතරක් ලංකාවට ලබා ගැනීමට හැකිවූ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.