(ක.ග.කරුණාරත්න)
හබරණ රිටිගල රක්‍ෂිතයේ පිහිටි පුරාවිද්‍යා බිමක නිදන් හාරමින් සිටි පුද්ගලයෝ 06 දෙනෙකු අද(03) අලූයම අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් කැකිරාව, මරදන්කඩවල, පොලොන්නරුව, මාරවිල, මොරහේන, සහ හල්මිල්ලෑව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයව ඇත.
නිදන් හෑරීම සඳහා උපයෝගීකරගත් උදලූ, අලවංගු කුලූගෙඩි, පිකැස් , විදුලි පන්දම් ආදී උපකරණ තොගයක්ද සුවඳදුම්, හඳුන්කුරු, පහන්තිර, පොල් තෙල් ඇතුළු පූජා භාණ්ඩද අත් අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන කටයුතු සහ අධිකරණ ක‍්‍රියා මාර්ග ගැනම සඳහා සැකකරුවන් හබරණ පොලීසියට බාරදී ඇත. හබරණ පොලීසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.