(ක.ග.කරුණාරත්න)
වෙසක් පුර පසලොස්වක පොහෝදා මින්නේරිය,සමගිපුර ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී කැණීමක් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් චීවරධාරයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මේ මස 20 දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාරගත කරන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් සමිතා ජයසේකර මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ කන්තලේ,යුනිට් 05,රජඇල රජමහා විහාරය ලිපිනයේ පදිංචි මන්දාරම්නුවර ධම්මානන්ද හිමි,මින්නේරිය,සමගිපුර,අංක 02 ලිපිනයේ පදිංචි කොටුවාදුව ගමගේ සමීර රන්දික ප‍්‍රභාත් සහ මින්නේරිය,අමුණාවල,විදුලි බලමණ්ඩල පෙදෙස පදිංචි රාජපක්‍ෂ කුඹුරේගෙදර මංජුල ප‍්‍රියන්ත යන තිදෙනාය.
සැකකරුවන් සුවඳදුම්,මල් පහන්,පූජා භාණ්ඩ ආදිය තබාගෙන මන්ත‍්‍ර ජප කරමින් මෙම කැණීම සිදුකරමින් සිටියදී වැටලීම සිදුකර අත් අඩංගුවට ගත් බවත් පුරාවස්තු සෙවීමේ අරමුණින් එම නීති විරෝධී ක‍්‍රියාව සිදු කර තිබෙන බවත් විමර්ශණවලදී අනාවරණයවී යැයිද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
නිදන් හෑරීම සඳහා උපයෝගී කරගන්නා ලදැයි කියන උදලූ,අලවංගු ආදී උපකරණ තොගයක්ද නඩු භාණ්ඩ ලෙස පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මින්නේරිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.