(දසුන් රාජපක්ෂ)
නාවික හමුදාව සහ පොලිසිය එක්ව කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරයියාඩි ප්‍රදේශයේ පදිංචි කරුවන් තිදෙනෙකු වන අතර ඔවුන් සන්තකයේ තිබී වෝටර් ජෙල් කූරු 30 ක් සහ ඩෙටනේටර් 45 ක් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් තිදෙනා ධීවරයන් වන අතර නීති විරෝධී ආකාරයෙන් මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය යොදා ගැනීමට සිටි බවට ආරක්ෂක අංශ සැකකරයි.