පුද්ගල ඝාතනයකට වරදකරුවන් වු දෙන්නෙක්ට මරණ දඬුවම


(ඩි.ජී.සුගතපාල)

කඩුවකින් සහ පිහිවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයින් හත් දෙනෙකු ඇතුලු විත්තිකරුවන් නම දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මනුෂ්‍ය ඝාතනයට  වරදකරුවන්වු 1සහ 8 විත්තිකරුවන්ට අද (09) මරණිය දණ්ඩනය නියම කළේය.


මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ  පුංචිහේවගේ සිරිලාල් සහ හෙට්ටිආරච්චිගේ සුනිල් යන එකම පවුලේ සොහොයුරන්වන   විත්තිකරුවන් දෙදෙනාටය
ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවිම නිසා 2,3,4,5,6,7,9 යන විත්තිකරුවන් මහාධිකරණ විනිසුරවරයා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබිය.


අක්මිමණ පොලිස් වසමේ හියාරේදි 2006 නොවැම්බර් 4වනදින සමරවිර ආරච්චිගේ මිහිර ප්‍රියන්ත යන අයගේ මරණය සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නිතිපති වරයා විසින් ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණ. 


රජයේ නිතිඥ කේ.වි.ඉන්දිකා මෙනවිය පැමිණිල්ල මෙහෙයවුවාය.