පුත්තලමේ ජංගම වෙළදුන්⁣ට උපදෙස්


( එච්. චන්දන )

පුත්තලම පොලිස් වසම තුල සනීපාරක්ෂක ලෙස ජංගම වෙළදාමේ සිදු කල යුතු ආකාරය පිළබදව එම පුද්ගලයින් දැනුවත් කිරීමක් අද 24 උදෑසන පුත්තලම පොලිස් ස්ථානය අසලදී සිදු කෙරෙණි.

ජංගම ලෙස ජලය ,පාන් බනිස් , මාළු , එළවළු අලෙවි කරන පුද්ගලයින් 60 වැඩි පිරිසක් මෙහිදී පොලීසිය මගින් එම අලෙවි කටයතු සනීපරක්ෂඛ ලෙසත් , කොරෝනා වෛරසය පැතීරමකින් තොරව සිදු කරණ අකාරය දැනුවත් කර අතර ඒ සම්බන්ධ පත්ත්‍රිකාවක් , අත් ආවර්ණ හා මුඛ අවාර්ණය ලබාදීම මෙහිදී සිදු කලේය.

මෙම අව්සථාවට පුත්තලම පොලිස් අධිකාරී ජේ.සි. පි ජයමහා , පුත්තලම සහකාර පොලිස් අධිකාරි චන්දන හේරත් , පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පි කුමාරදාස ඇතුළු පිරිසක් සහභාගි වුහ.