පුංචි ශ්‍රීපාද ගින්නෙන් අක්කර 150 ක් වැනසේ


(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )

ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න නොනැවතී  දෙවැනි දිනටත් අද (9) මේවන විටත් සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවත් ,ගින්නෙන් අක්කර 100 ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
 

පුංචි ශ්‍රී පාද කන්දේ මෙම ගින්න ඊයේ (8) දහවල් හටගෙන තිබේ . වියලි දේශගුණය සහ සුළං නිසා ගින්න සීඝ්‍ර ලෙස පැතිර යමින් පවති . ගින්නට හසුව වටිනා ගස්කොළන් වනසතුන්  විනාශ වී තිබේ .
 

ඇල්ල පුංචි ශ්‍රී පාද කන්ද දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධ අතර, අධික ප්‍රපාතය ,කඳු බෑවුම් නිසා ගින්න නිවා දැමීමට එම ස්ථානයට ළඟාවිය නොහැකි බවද ඇල්ල පොලිසිය පවසයි.