පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ග්‍රාම නිලධාරිවරු යොදවයි


(මනෝජ් හර්ෂික)

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ විශේෂ රාජකාරි කටයුතු සඳහා ග්‍රාම නිලධාරිවරුන් යොදවන ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්,දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කළ බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ග්‍රාම නිලධාරීවරුන් සිටි නම් එම නිලධාරීන් වෙනුවට වෙනත් ග්‍රාම නිලධාරීන් හෝ වෙනත් සුදුසු ක්ෂේත්‍ර නිලධාරියකු යොදවන ලෙසට ද අමාත්‍යාංය නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.