(එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙනිය දිවියගහවෙලදි (6) වැනිදා පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කලා යයි කියන සැකකරු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (8 ) පස්වරුවේදී නියෝග කලේය .
රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ කරන්දෙනිය දිවියගහවෙල පදිංචි කුලප්පුවාවඩු නිශාන්ත නොහොත් සුනාමියා නමැත්තාය.
ඔහු හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවද පොලීසිය කියයි .
කරන්දෙනිය පොලීසිය විසින් මේ සැකකරු අත් අඩංගුවටගෙන අද (8 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලදි .