(රේඛා තරංගනී ෆොන්සේකා)
ගුවන් හමුදාවෙන් මීට මාස තුනකට පෙර පැන ආ බව කියන ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
ලැබුණු බුද්ධි අංශ තොරතුරකට අනුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණය ආසන්නයේදී මාර්ග බාධකයක් යොදමින් සිදුකළ යතුරුපැදි පරීක්ෂාවේදී යතුරුපැදියේ පිටුපස ආසනයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම පිස්තෝලය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග පිස්තෝලය, ජංගම දුරකථන දෙකක් යමහා එෆ්.ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු මීට මාස තුනකට ඉහතදී ගුවන් හමුදාවෙන් පැන විත් ඇති පුද්ගලයකු බව පොලිසිය කියයි.
අදාල පිස්තෝලය කුමන කාර්යයක් සඳහා ළඟ තබාගෙන සිටියේද සහ ඒ අදාළ කරුණු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කරන පොලීසිය කකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසීය.
සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් රත්මලානේ තාවකාලිකව පදිංචි වී සිටින බවත් පොලිසිය පැවසීය.