(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
වැලිගම නගර සභාවේ අනියම් කම්කරුවෙකු පිස්තෝලයක් සහ කඩු දෙකක් සමග අද(10) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අහංගම කපුවත්ත අංකුටුමුල්ල වත්ත පදිංචි වැලිගම නගර සභාවේ අනියම් කම්කරුවෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය ලද තොරතුරක් අනුව සැකකරු ගෙන්වා ප්‍රශ්න කිරීමෙන් පසු නිවසේ මුළුතැන්ගෙයි වළ දමා තිබූ අඩි දෙකහමාරක් දිගැති කඩු දෙකක් සහ පිස්තෝලය සොයාගෙන ඇත.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙයට මාස තුනකට පමණ පෙර වැලිගම කොට්ටගොඩ ප්‍රදේශයේ කාණුවක් පවිත්‍ර කිරීමේදි මෙම කඩු සහ පිස්තෝලය හමුවු අතර පසුව ඒවා ගෙදර ගෙනැවිත් සඟවා තැබු බවය.
අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.