(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය වනරාජා වත්තේ පහළ කොටසේ අද (04) සිදුවූ පිපිරීමකින් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවත් හැටන් පොලිසිය පැවසීය.
තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් දෙදෙනක් සුළු ශල්‍ය කර්මයකට ගත් බවත් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.
පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරන්නේ සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් වතු කම්කරුවන් හක්ක පටස් වැනි මර උගුල් තේ වතු වල අටවා තිබෙන බවත් එවැනි හක්ක පටස් මරඋගුලක් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගීමෙන් පුපුරා යන්නට ඇති බවත් පොලිසිය පැවසීය.