පෑවිල්ල තදයි බෙලිහුල්ඔය වියැළේ


(ප්‍රින්ස් රත්නායක)

මේ දිනවල පවතින දැඩි නියං තත්වය සමඟ බෙලිහුල්ඔය හා බළන්ගොඩ ප්‍රදේශවල ජලමූලාශ්‍ර සිඳීයාමේ අවදානමකට ලක්වී ඇත. මේ හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දීමට ජනතාවට සිදුව ඇත. 

පානීය ජල අවශ්‍යතා මෙන්ම අනෙකුත් එදිනෙදා ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමටද නොහැකි තත්වයකට මුහුණදිමට සිදුව තිබේ.

මාස ගණනක සිට පවතින දැඩි නියඟය හා ඉහළ ජලාධාර ප්‍රදේශයන්ට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගතව ඇත.