පැසිපික් සාගර පතුලෙන් ඇලස්කාවට චීන දුම්රියක්


චිනයේ පිංකින් නුවර සිට උතුරු ඇමරිකාවේ ඇලස්කාව දක්වා යෝජිත දුම්රිය මගේ ප්‍රථම අදියරේ සැලසුම් ඉදිරිපත් වී ඇත්තේය. චීනය  මූලිකවී ඉදිකිරිමට සැලසුම් කර ඇති මෙම දැවැන්ත යෝජනා ක්‍රමයට මුල්‍යමය ආධාර සැපයීම‍ට ඉන්දියාව ද ඉදිරිපත් වී සිටී.

යෝජිත මෙම දුම්රිය ගමන් මඟ කිලෝ මීටර 13,000 කට ආසන්න වන අතර උතුරු රුසියාව හා උතුරු ඇමරිකාව ඇලස්කාව වෙන් කොට ඇති පැසිපික් මහ සාගරයේ බර්රින්ග් සමුද්‍ර සංදිය හරහා පැසිපක් සාගරයේ පතුළේ ඉදිකිරීමට ඇති දැවැන්ත මුහුදු උමග කිලෝ මීටර් 200 ක් පමණ වේ.

වර්තමාව ලෝකයේ නවීන තාක්ෂණයේ ආධාරයෙන් ඉදිවෙන යෝධ ව්‍යාපෘති හා සසඳන කල් ආනාගතයේදි පීකිං නුවර සිට පැසිපික් සයුර පතුලෙන් ගමන් කොට කිලෝ මීටර 13,000 පමණ දුර ගෙවා ඇලස්කාවෙන් මතුවිය හැකියි. හය සාර්ථක වුවොත් නුදුරු අනාගතයේදි පැරීසියේ සිට නිව්යොර්ක් නුවර දක්වා දුම්රියෙන් ගමන් කළ හැකි වන්නේය.

ලෝකයේ දැනට දිගම දුම්රිය මාර්ගය වන්නේ වර්ෂ 1904 දී ආරම්භ කළ රුසියාවේ සයිබිරීයා දුම්රිය සේවයයි.රුසියාවේ නැගෙනහිර දේශ සිමාවේ වැලැඩිවොස්ටොක් නුවර සිට රුසියාවේ බටහිර සීමාවේ පිහිටි මොස්කව් නුවර දක්වා වූ ගංඟා පහක් උඩින් දුම්රිය ස්ථාන 22 ක් පහු කරමින් දුම්රිය ගමන් කරයි.එහි දිග කිලෝ මීටර 9285 කි.එම දුර ප්‍රමාණය අවසන් කිරීමට දින 7ක් ගත වේ.