( ලසන්ත නිරෝෂණ පෙරේරා )
පැල්මඩුල්ල පාතකඩ දි ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථ රියදුරු මරුමුවට පත්වු බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙනෙකු ද වෑන් රථ රියදුරු ද වෙන බව පොලිසිය පවසයි .
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පාතකඩ දි අනතුර සිදු විය .
ත්‍රිරෝද රථය රත්නපුර දෙසට ද වෑන් රථය පැල්මඩුල්ල දෙසටද ගමන් කරමින් තිබුණි .
ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ තිදෙනෙකි.
මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දි පැවත්විමට නියමිතය.