පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම පසුගියදා විහාරාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන්ගේ අනුශාකත්වයෙන් සහ ශ්‍රී ලාංකික මෙන්ම ප්‍රංශ, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික බෞද්ධ බැතිමතුන් විශාල දෙනෙකුගේ සහභාගීත්වයේ පවත්වනු ලැබිය.
පිංකම සඳහා පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර, බද්දේගම සීගල පුරාන විහාරාධිපති බැදිගම චන්ද්‍රාලෝක, කිරින්දේ සෝමසිරි, මහගම සුනීත, විතාරන්දෙණියේ විමලරතන, මාපලගම ජිනානන්ද, බැදිගම මනිරතන, කාම්බෝජයේ කස්සප, කඳුරුපොකුනේ ධම්මාලෝක, කන්දවින්නේ රාහුල, බුරුමයේ යුකුමාර, තැල්ලෙවැවේ ආනන්ද යන මහා සංඝ රත්නය සහභාගී වුහ.