(ඉන්දිකා රාමනායක )
ගතවූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පිරිසෙන් පුද්ගලයන් 3 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, සෙසු පිරිස පදිකයින් හා ත්‍රීරෝද රථවල ගමන් ගත් පිරිස ද බවත් හෙතෙම කියා සිටියේය.
දිනකට අනතුරුවලින් පුද්ගලයන් දස දෙනෙකු මියයාම කණගාටුවට කරුණක් බවත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය , බීමත්ව රිය ධාවනය, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය වීම, මාර්ග නීති උල්ලංඝනය නොකිරීම යන කරුණු අනුව මෙම අනතුරු වැඩි වශයෙන් සිදුවන බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය .