පාසල් බසය පෙරැළි සිසුන් තිදෙනකු රෝහලේ


(ඩබ්ලිව්.ඒ. අසේල)

මහනුවර තලාතුඔය අංකෙලිපිටිය ප්‍රදේශයේදී  පාසල් ළමුන් ප්‍රවාහානය කරමින් සිටි පාසල් බස් රථයක්  අද සවස හපුතලේ මහ විදුහල අසලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා තලාතුඔය රෝහලට ඇතුළත් කර ඇත. 

මේ අවස්ථාවේ පාසල් බස් රථය තුළ ලමුන් තිස් පහක් පමණ සිට ඇත. 

ළමුන්ගේ තත්වය බරපතළ බැවින් ලමුන් දෙදෙනෙකු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.