පාසල් දැරිය ගෙන ගිය විවාහකයා අල්ලයි


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බාල වයස්කාර පාසල් දැරියක රැගෙන ගොස් කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක රදවාගෙන  සිටි විසි හැවිරිදි විවාහ පුද්ගලයකු අද (01) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ  කල්තොට පොලිසිය පවසයි.

බලන්ගොඩ කල්තොට නෙළුයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොව හමාරක එම දැරිය   සමග මොහු ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇත. මීට දින කිහිපයකට පෙර  ඔහු එම දැරියත් සමග ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර දැරියගේ මව මේ සම්බන්දයෙන්  කල්තොට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිළධාරින් කණ්ඩායමක් විමර්ණයක් සිදු කර එම දැරිය සහ විවාහක පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

බාල වයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා කල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (02) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.