(ඔගස්ටින් ප‍්‍රනාන්දු )
හලාවත ශාන්ත මරියා පිරිමි මහ විදුහල රැක ගන්නා ලෙසට බලධාරින්ට බල කරමින් එම විද්‍යාලයේ ආදි සිසුහූ,දෙමාපියෝ සහ ප්‍රදේශවාසීහු පිරිසක් අද (22) එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
වර්තමානයේ තම විදුහල අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඒ නිසා එහි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අනාගතය අඳුරු විය හැකි බැවින් වහාම මැදිහත්වි මෙම ගැටළුව විසඳන ලෙසත් ඔවුහු ඉල්ලූහ.
එම උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු පා ගමනින් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ගොස් සංදේශයක් බාර දුන්හ.