(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බලගොල්ල 19 කණූව ප්‍රදේශයේදී අද (08) උදෑසන මාර්ගයේ ගමන් ගත් පාපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලගොල්ල 19 කණූව කරමැටිය පදිංචි එස් ඒ ඩී විජේරත්න නැමැති 67 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු ඒ වෙන වන විටත් මිය ගොස් තිබිණි.
අනතුරට පත් පුද්ගලයාගේ මරණ පරීක්ෂණය බදුල්ල අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතය.
අපරීක්ෂාකාරී ලෙස මෝටර් රථය ධාවනය කිරීම අනතුරට හේතුව බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.