පා පැදි සොරෙක් ගල්කිස්සෙන් අල්ලයි


( එච්.එම් ධර්මපාල )
 
ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ මාර්ගයන්වල හා නිවාසවල නවතා තිබෙන පා පැදි සොරාගන්නා ලද පුද්ගලයෙකු  රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා පා පාදි 13 ක් සමඟ අද (23) ගල්කිස්ස අපරාධ විමර්ශණ ඒකකය මගින් සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි  තිස්හතර හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හෙරොයින් මත් කුඩු පානයටද ඇබ්බැහි වූවෙකු ලෙස හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

 ඒ සඳහා මුදල් සෙවීමට මෙලෙස පා පැදි සොරකම් කරන්නට ඇතැයද පොලීසිය කියයි.