(මොහොමඩ් ආසික්)
1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත මගින් ප්‍රාදේශිය සභාවලට පවරා ඇති ඇතැම් බලතල නැවත පවරා ගෙන ඒවා පොලිසිය වෙත පවරා දී ප්‍රාදේශිය සභාවට ගැළපෙන බලතල සභාවන්වලට පවරා දෙන ලෙසත් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා වග කිව යුතු අංශවලින් ඉල්ලා සිටියි.
අද 16 වනදා හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙසේද කීය.
1987 අංක 15 දරණ ප්‍රදේශිය සභා පනත අනුව අපට ලැබී ඇති බලතල ජනතාවත් සමඟ ගැටළු ඇති කර ගන්නා බලතලයි. වැටවල්වල ප්‍රශ්න, අනවසර ඉදිකරීම්, අනතුරුදායක ගස් මාර්ග ගැටළු මේ සියල්ලම නිසා අපට ජනතාවත් එක්ක ගැටළු ඇති වෙනවා. හුඟක් අවස්ථාවන්වල මේ ගැටළු විසඳන්න පොලිසියේ සහාය ලබා ගන්න සිදු වෙනවා එම නිසා 1987 අංක 15 දරණ පනත සංශෝධනය කර එම බලතල පොලිසියට පවරා දී ප්‍රාදේශිය සභාවට ගැලපෙන බලතල සභාවන්වලට ලබා දෙන ලෙස වග කිව යුතු අංශවලින් ඉල්ලා සිටින බවද සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙහිදී කිය.