(ඩී.කේ.රත්න)
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ප්‍රාදේශීය බැංකු සේවකයින් අද (06) සවස බණ්ඩාරවෙල නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ප්‍රාදේශීය බැංකු සඳහා පත්කරන ලද සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම අසාධාරණ බවත් ප්‍රාදේශීය බැංකු සේවකයින්ගේ වසර 20 ක සිට ඉල්ලීම් සිදු කරන විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසත් 2020 වසර සඳහා ස්ථාන මාරු ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවත්වූහ.
මෙම පිරිස පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවීමෙන් අනතුරුව සාමකාමීව විසිර ගියහ.