ප්‍රදේශ කිහිපයකට ඇති වු තද සුළඟින් නිවාස රැසකට හානි


(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්.එම් ධර්මපාල  )
 
හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප‍්‍රදේශයට අයත් මීගොඩ කුරුදුවත්ත ග‍්‍රාම නිළධාරී වසමේ අද (11) අලුයම් කාළයේ ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවස 60 කට ආසන්න සංඛ්‍යාවකට දැඩි අලාභ හානි සිදුව ඇතැයි හෝමාගම ප‍්‍රාදේශීය සභාව පවසයි.
 
අලුයම හතරයි තිහට පමණ ඇති වූ ට්‍රොනාඩෝ තත්වය විනාඩි 5 කට ආසන්න වේලාවක් පැවැති බවත් ඒ අතර කාලය තුළ මෙලෙස නිවාස රැසකට හානි සිදුව ඇති බවත් තම නිවසේ වහලය මීටර් 200 ක් පමණ දුරකට ගසා ගෙන ගොස් ඇති බවත් සෙවිලි තහඩු අඩි 60 ක් පමණ උස ගස්වල රැදී ඇති බවත් ප‍්‍රදේශවාසීහු පවසති.
 
මේ අතර  දෙහිවල,  කව්ඩාන ප්‍රදේශවලට හමා ගිය සුළං ත්ත්වයක් හේතුවෙන්  නිවාස 12 කට පමණ ආසන්න ප්‍රමාණයකට හානි වී  ඇති අතර පුද්ගලයින් කිහිප දෙනකු සුළු තුවාල ලබා තිබේ.