( ලසන්ත නිරෝෂණ පෙරේරා )
සබරගමුවේ පලාත් පාලන ආයතන මගින් ප්ලාස්ටික් ඇසුරුම් විනාශ කිරීම සඳහා එම ප්ලාස්ටික් ඇසුරුම් හිමිකරුවන්ගෙන් බදු මුදලක් අයකරගැනීමට ක්‍රියාකල යුතු යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (16) සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (16) රත්නපුර කරංගොඩ ගිනිහිරිය ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් මහා විද්‍යාලයේදී පැවති ප්‍රාදේශීය ඩෙංගු මර්දන කමිටුමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේ, ජල බෝතල්, විවිධ බීම වර්ග, යෝගට්, කිරි හට්ටි ආඳිය සඳහා මෙලෙස ප්ලාස්ටික් ඇසුරුම් බහුල වශයෙන් භාවිතා කරන බවය.
එම ප්ලාස්ටික් ඇසුරුම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම ඩෙංගු වැනි වසංගත රෝග රැසක් රටපුරා ව්‍යාප්ත වන බවද පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූවේ, මෙම ප්ලාස්ටික් ඇසුරුම් සබරගමුව පළාතට ගෙන එන සමාගම් හෝ ආයතන ඒවා යලි පළාතෙන් පිටතට රැගෙන යා යුතු බවය.
එලෙස කටයුතු කල නොහැකි, නම් එම ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය සඳහා යම් මුදලක් සබරගමුව පළාතේ පලාත් පාලන ආයතන වෙත ලබාදිය යුතු යැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.
මෙම ප්ලාස්ටික් ඇසුරුම් සබරගමුව පළාත පමණක් නොව සාගරයද දූෂණය කරන බැවින් ඊට පිළියම් සෙවීම සියළු දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වන බව හෙතෙම පැවසීය.
මෙම ප්ලාස්ටික් ඇසුරුම් විනාශ කිරීමට අයකරන මුදල, අළුත් බද්දක් ලෙස වරදවා වටහාගෙන සබරගමුව පළාත් සභාවට අවි එසවීමට කටයුතු නොකරන මෙන්ද තමා ඉල්ලා සිටින බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.
සබරගමුව පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන කමිටු ස්ථාපනය කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපති කුලතුංග ලියනගේ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලිනි ලොකුපෝතාගම , ඇලපාත ප්‍රාදේශීය ලේකම් එස්.එම්.දිල්රුක් සහ රත්නපුර දිස්ත්‍රික් සහකාර පලාත් පාලන කොමසාරිස් නිශාන්ත සමන් කුමාර යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.