දර්ගා නගරයේ රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බධා කළැයි රිමාන් කර සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා ඇප මත මුදා හැරීමට අද(23) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පසුගිය (21) වැනි දා අලුත්ගම පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රදේශයේ විහාරස්ථානයක කඨින පිංකමක් සඳහා සැරසිලි කරමින් සිටි තරුණයක විදුලිසැර වැදී රෝහලට රැගෙන ආ අවස්ථාවේවෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර නොකළ බව කියමින් පළාත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එම රෝහල් භූමියේ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පැමිණිලි කර තිබිණි.