පහර දී මහමඟ දමා ගොස් සිටි අයෙක් මරුට


(රෝහණ සමරවීර)

උඩවලව කොළඹගෙආර ගැමුණු මාවත මාර්ගයේ හිසේ තුවාල සහිතව ලේ ගලමින්  වැටී  සිටි නාදුනන පුද්ගලයකු අද (30) අලුයම රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බව උඩවලව පොලිසිය කියයි.

ප‍්‍රදේශවාසින්ගෙන් ලැබුණු තොරතුරක් අනුව  1990 සුව සැරිය ගිලන් රථයක් මගින් එම තුවාලකරු ඇඹිලිපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

මියගිය  පුද්ගලයා  අවුරුදු 50 ක් පමණ වයසක පසුවන්නෙකු බවත් රතු ඉරි සහිත සරමකින් හා නිල් පැහැයට හුරු කමිසයක් හැද සිටි බවත් පොලිසිය කියයි.

මියගිය අයගේ හිසේ පිටුපස ප‍්‍රදේශයේ තුවාලයකින් ලේ ගලා ගොස් ඇති අතර මුහුණේ  හා දණහිසේ සිරීම් තුවාල දකින්නට තිබුණු බවත් එය ඝාතනයක් විය හැකි බවත් පොලිසිය සැක පළ කරයි.