පස් කන්දකට යටවී දෙදරු පියා මරුට


( මහේෂ් කීර්තිරත්න )

මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේ  ජල  ව්‍යාපෘතියක  සේවය කරමින් සිටි 60 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදී  පස් කන්දකට යට වී මියගොස් ඇතැයි මහවෙල පොලීසිය කියයි.

‘විසල් මාතලේ ‘ ව්‍යාපෘතිය යටතේ ජල නල එලමින් සිටි පුද්ගලයකු මෙම අනතුරට මුහුණ දී ඇත.

 මියගොස් ඇත්තේ ඇලැහැර කරදගොල්ලේ පදිංචි ඒ.ජී උක්කුබණ්ඩා නැමැති දෙදරු පියෙකි.