(උපාලි ආනන්ද)
පාසල් යන බව පවසා අනුරාධපුර නගරයට පැමිණි පෞද්ගලික ස්ථානයකින් රුපියල් 8000 ක් වටිනා පරෙවියන් පස් දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් තිදෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකාර සිසුනට රුපියල් ලක්ෂය බැගින් වෙන් වෙන් වශයෙන් ශරීර ඇප නියම කළ මහේස්ත‍්‍රාත්වරයා ඔවුනට දඩුවම් නියම කිරීම 2020 වසරේ ජනවාරි මස 20 වන දිනට කල් තැබීය. එදිනට සැකකාර සිසුනට එරෙහිව චෝදනා පත‍්‍ර ගොනු කරන ලෙසටද පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.
මෙසේ අධිකරණය හමුවේ වරදකරුවන් වූයේ හිදෝගම ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 වන වියෙහි පසු වන සිසුන් දෙදෙනකු සහ වයස 12 වන වියෙහි පසු වන තිදෙනෙකි.