(මොහොමඩ් ආසික්)
මහනුවර පන්විල පොලිස් බල ප්‍රදේශයට අයත් පන්විල බඹරැල්ල මාර්ගයේ හුළුගඟ ප්‍රදේශයට අද (24) අලුයම පස් කඳු කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසුවේ අද (24) අලුයම මෙම මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුවී ඇති බවත් එම මාර්ගය පිළිසකර කරමින් සිටින බවත්ය.