නොර්වුඩ් ප්‍රා.සභාව බගවන්තලාවේ වෙළඳසල් 2 ක් ඉවත් කරයි



 
 
රංජිත් රාජපක්ෂ                     

නොර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් බගවන්තලාව පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පළේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසල් දෙකක් ඉවත් කිරිමට නිලධාරින් කටයුතු කර ඇත.


එම ප්‍රාදේශීය සභාව මගින් ඉදිකර ඇති වෙළඳසල් ඉදිරිපිට අනවසරෙන් එළවළු වෙළදාම් සහ වඩේ බැද අලෙවි කරන වෙළඳසලක් මෙසේ ඉවත් කරනු ලැබිණී.


බගවන්තලාව පොලිසියේ නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ  නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නිලධාරින් විසින් එම වෙළඳසල් ඉවත් කිරිමට යාමේදී එම නිලධාරින් හා එම වෙළඳසල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති වු අතර එහිදි නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට දොස් පවරමින් එම වෙළඳසල් හිමියකු විසින් පොල් ගැසිමක් ද සිදු කරනු ලැබීය.