(කේ බුද්ධික කුමාරසිරි )
මාලබේ නෙවිල් ප්රනාන්දු රෝහලේ සේවකයින් වන තමන් වසර හතරක් පුරා නිසි වැටුප් වැඩිවීම් සහ උසස්වීම් ඇතුළු ගැටළු ගණනාවක් නිසාවෙන් පීඩාවට පත්ව ඇති මුත් බළධාරීන් එයට අවශ්‍ය නිසි පියවර නොගැනීමට විරෝධය පා පිරිසක් අද (28) උදෑසන රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරතවුහ.
රෝහල ඉදිරිපිට රැස් වූ රෝහල් කාර්ය මණ්ඩලයේ කොටසක් එතැන් සිට පා ගමනින් විරෝධතා පාඨ කියමින් ප‍්‍රධාන මාර්ගය දක්වා පැමිණ විරෝධතාවයේ නිරත විය.
විරෝධතාවයට එක්ව සිටින තමන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් කොටසක් පමණක් වන බවත් අනිත් කොටස රෝහලට පැමිණෙන සහ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කිසිවෙකුට පීඩාවක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු නිසාවෙන් එම අවස්ථාවේ සේවය ලබා දීමට යොමුකර ඇතැයි ද විරෝධතාකරුවෝ පවසති.



