(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් කප්පල් අඩිය සංචාරක නිවස්නයක් නවාතැන්ගෙන සිටි 30 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ 45 හැවිරිදි පුද්ගලයෙකු සොයා කල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්හ කර ඇත.
අද (15 )දින උදෑසන මෙම තරුණිය එළිමහණේ පිහිටි වැසිකිළියකට ඇතුළු වීමේ දී,සැගව සිට මෙම පුද්ගලයා ද වැසිකිළියට ඇතුළුවිමෙන් අතවර කර ඇත.
සිද්ධියට මුහුණ පෑ තරුණිය කෑගැසීම නිසා සැක කරු පළා ගොස් ඇත.
මෙම සැකකරු සංචාරක නිකේතනය ආසන්නයේ පදිංචි තෙදරු පියෙකු බවත් විවිධ අවස්ථාවන්හී දී සැකකරුගේ පවුලේ සාමාජිකයින්ට සංචාරකයින් විවිධ ආර්ථික උදවු උපකාර සිදු කර ඇති බවත් අතවරයට මුහුණ පෑ තරුණිය පොලිසියට පවසා ඇත.
සැකකරු සොයා පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව,කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි.

