නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ 195කට කොරෝනා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15 සහ විශේෂ අංශ තුනක නිලධාරීන් සහ නිලධාරිනියන් 195 කුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි

වැඩිම ආසාදිත පිරිස වන 34 දෙනකු බුද්ධි හා ආවේක්ෂණ කොට්ඨාසයෙන් ද , නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කිහිප දෙනකුට  ද වයිරසය ආසාදනය වි ඇති බව එම වාර්තාවේ සඳහන් වේ

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ,නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ මෙන්ම පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය  ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය කට මෙන්ම කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය ට වයිරසය ආසාදිත වි ඇති බව එම වාර්තා සඳහන් කරයි

හෝමාගම, අතුරුගිරිය, තලංගම, ගොතටුව, මහරගම, කොට්ටාව, මීගොඩ, මුල්ලේරියාව, වැලිකඩ, නවගමුව, මිරිහාන, කඩුවෙල , කඩුවෙල, හංවැල්ල ,පාදුක්ක හා බොරලැස්ගමුව පොලීසිවල නිලධාරීන් සහ නිලධාරිනියන් එම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි